පේරාදෙණි කලා සිසුවාට සිහිසුන් වනතුරු රැග් කර -රෝහලේ


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට අලුතෙන් ඇතුළත් වූ නවක සිසුවෙකුට සිහිසුන් වන තුරු නවක වදය ලබාදුන් සිද්ධියත් පිළිබඳව සරසවි පාලනාධිකාරිය ආරක්ෂක අංශය සහ පේරාදෙණිය පොලිසිය
පරීක්ෂණ ආරම්භ කර ඇත.

නවක වදයට ලක් කෙරුණු සිසුවා සිය නිවසේ සිට විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටියදී ගලහ ප්‍රදේශයේදී ඔහු අල්ලාගෙන ඇති ජ්‍යෙෂ්ඨ සිසුන් එම සිසුවා විශ්වවිද්‍යාලයේම ස්ථානයකට රැගෙන ගොස් නවක වද දෙද්දී සිහිසුන්වීම නිසා  මහනුවර පුද්ගලික
රෝහලකට ඇතුළත් කර තිබේ. සිද්ධිය පිළිබඳව සරසවි ආරක්ෂක අංශයට දැන ගැනීමට ලැබීමෙන් පසුව ඔවුන් සිසුවා ප්‍රතිකාර ලබමින් සිටි  රෝහලට පැමිණ සොයා බලා තිබෙන අතර පසුව ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිද්ධිය පිළිබඳව පේරාදෙණිය සරසවි පාලනාධිකාරිය සිදුකරන පරීක්ෂණයෙන් අනතුරුව අදාළ නවකවද දුන් සිසුන් අධිකරණය හමුවට ගෙන එන බව දන්වා ඇත.
මේ වනවිටත් පේරාදෙණි කෘෂිපීඨ සිසුන් පිරිසක් බාහිර ස්ථානයක නවකවද දී හසුවීමේ සිද්ධිය අධිකරණයේ විභාග වෙමින් පවතින අතර ඒ සඳහා මුල්වූ අයගේ පංති තහනමක්ද ක්‍රියාත්මක වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment