පරිසර දූෂණය මැඩලන්න ජගත් සාමාජිකයින් නයිරෝබි නුවරට රැස්වේ!

පරිසර දූෂණය මැඩලන්න ජගත් සාමාජිකයින් නයිරෝබි නුවරට රැස්වේ!

 

එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 193 ක් සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රදාණ තේමාව වන්නේ පරිසර දූෂණයයි.

ඒ යටතේ තිරසාර පරිසරයක් සහ සාමාන්‍යකරණය වූ දේශගුණයක් නිර්මාණය කිරීම සාකච්ඡා කෙරේ. වායු ගෝලය, ජල මාර්ග, ගොඩබිම සහ මුහුද දූෂණය වීම අවම කිරීම සඳහා කසළ, අපද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය සුපරීක්ෂාකාරීව පාලනය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සැලසුම් කිරීම මෙහිදී සිදුවේ.

එසේම පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සංවිධාන, සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන්, විවිධ රාජ්‍යන් හා ඒ හා අනුබද්ධිත සංවිධාන , පෞද්ගලික ව්‍යාපාර එකතු වී ජාත්‍යන්තර පරිසර ප්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය නායකත්වය ගොඩ නැගීම සඳහා අඩිතාලම සැකසීමද මෙම සමුළුවේ අරමුණ වේ.

මෙහිදී ලෝකයට තර්ජනයක් වූ පරිසර දූෂණට සම්බන්ධ පහත ගැටළු කෙරෙහි ජගත් විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත.

ලෝක ජනගහනයෙන් මිලියන 6.5 ක් වායු දූෂණයෙන් වාර්ෂිකව මියයයි

ඊයම් විස වීම නිසා ලෝකයේ දරුවන්ට ප්‍රතිකාර කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 977 ක් වසරකට වැයවේ.

ලෝකයේ අප ජලය 80% ක් පරිසරයට මුදා හරින්නේ කිසිදු ප්‍රතිකර්මයක් නොකරයි

ලෝකයේ නිශ්පාදනය කරන ආහාරවලින් 1/3ක් අපතේ යයි

මිලියන 25 කට අධික කෘෂිකර්මාන්තයේ නියැළෙන සේවකයන් අනාරක්ෂිත ලෙස පලිබෝධ භාවිතා කරයි.

- කුමී විජේවර්ධන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment