ආහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ලංකාවට.

ලෝක ආහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ආර්ථික බුද්ධි ඒකකය ඩුපොන්ට් සමාගමේ අනුග්‍රාහකත්වය අනුව වාර්ෂිකව මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

ලෝකයේ රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය හිමිව ඇති අතර ඒ අනුව දකුණු ආසියානු රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි.

පහසුවෙන් ලබාගත හැකිවීම, සුලබතාව, ගුණාත්මක හා ආරක්ෂාව ප්‍රධාන කරුණු 3ක් යටතේ ක්ෂේත්‍ර 28 දත්ත උපයෝගීකරගෙන මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවට පවසු දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව වන අතර ඔවුන් 74 වැනි ස්ථානයේ පසුවෙයි.

මෙම දර්ශකයේ ඉදිරිනේම අයර්ලන්තය පසුවෙයි. ඇමෙරිකාව හා එංගලන්තය දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව ඇත. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment