'ශ්‍රී ලංකන්' ඉල්ලා අස්වීම් ඇමති දැකලා තියෙන්නෙත් පත්තරෙන්.


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පිරිසක් ඉල්ලා අස්වූ බවක් තමා දන්නේද පුවත්පත් මගින් යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා කීය.

ඔවුන් අස්වූ බවට වූ මාධ්‍ය වාර්තා පමණක් තමා දුටු බවද මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු කීවේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු කිරීමට නියමිත බව කියන ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දැක්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. 

නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම ගැන ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු එසේ කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment