රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නායකයා වෙයි.


ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රාහුල් ගාන්ධි පත් කර තිබෙනවා.

එය ඉන්දීය මැතිවරණ කාර්යාලය විසින් දැනුම් දී ඇති බවයි එරට වාර්තා කියා සිටියේ.

කොංග්‍රස් පක්ෂ නායක තනතුර සඳහා පසුගිය (04) වැනිදා නාමයෝජනා කැඳවා තිබුණා. එදින එම තනතුරු සඳහා රාහුල් ගාන්ධි නාම යෝජනා භාර දෙනු ලැබුවේ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිංගේ ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුවයි.

නාම යෝජනා අවසන් දිනය ලෙස නම් කර තිබුනේ අදයි.

අදාළ තනතුර සඳහා වෙනත් කිසිඳු පාර්ශ්වයක් තරග නොකළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධි සමගින් තවත් 89 දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර තිබුණා.

ඉන්දීය මැතිවරණ කොමිසම පැවසුවේ එහි ද සඳහන් කර තිබුනේ රාහුල් ගාන්ධි පක්ෂයේ නායක ධූරයට පත් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

ඒ අනූව ඒකමතිකව රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක ධුරයට සුදුසුකම් ලැබුවා.

පසුගිය වසර 17ක කාලයක් කොංග්‍රස් පක්ෂයේ නායක ධුරය හොබවනු ලැබුවේ ඔහුගේ මව වන සෝනියා ගාන්ධි විසිනුයි.

රාහුල් ගාන්ධි මෙම මස 16 වැනිදා කොංග්‍රස් පක්ෂයේ 87 වැනි නායකයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දරන නේරු පවුලේ 6 වැනි සාමාජිකයා ද වන්නේ ඔහුයි.

රාහුල් ගාන්ධි යනු ඉන්දීය දේශපාලනයේ දැවන්තයන්ගෙන් පැවත එන අතර ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රාජු ගාන්ධිගේ පුත්‍රයායි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment