එජාප නිදහස් පක්ෂ හිත හොඳ තවදුරටත්

එජාප නිදහස් පක්ෂ හිත හොඳ තවදුරටත්
එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඇමැති මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ සමඟ ගිවිසුමකට එළඹුණහොත් එජාපය සමඟ පවතින අවබෝධතා ගිවිසුමෙන් සිය පක්ෂය ඉවත් වන බවයි.
 
ඊට අමතරව පක්ෂ දෙක ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙන වෙනම ඉදිරිපත් වන නිසා ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීමට ද එහිදී යෝජනා සාකච්ඡා වී ඇත. මේ අතර මලික් සමරවික්‍රම ඇමැතිවරයා ද මහනුවරදී ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
 
මේ අතර චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද නිදහස් පක්ෂයේ හා එජාපයේ ඇති වේයැයි කියන විරසකය සම්බන්ධයෙන් මැදිහත්ව සිවිල් සංවිධාන ද කැඳවා උපදෙස් ලබා දී ඇත්තේ දෙපාර්ශ්වය අතර මතුවන විරෝධතා සමනය කරන ලෙසයි.
 
එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය මන්ත්‍රී කණ්ඩායමට නියෝග කර ඇත්තේ තමන්ගෙන් හෝ පක්ෂයේ ලේකම්වරයාගෙන් අවසරයක් නොමැතිව ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙසටයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment