ශ්‍රීලනිපයේ හතරක් ඡන්දෙට පෙර මහින්ද ළඟට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් ඇමති තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කීපය තුළ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය එක්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වන තත්ත්වයක් උදාවී තිබෙන නිසා මොවුන් මෙම තීරණය ගන්නා බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධය කොන්දේසි ඉදිරිපත් කර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීම අවශ්‍ය වුවත් ජනාධිපතිවරයා තනිකර එවැනි තීන්දුවකට එළැඹීමේ අසීරුතාව රජයේ පාර්ශ්වයේ සාකච්ඡාවට භාජන වී ඇත.
මේ තත්ත්වය නිසා ඉදිරි පළාත් පාලන ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්වී තරග කිරීමට සිදුවීම හා පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත මෙම ඇමැතිවරුන් රජයෙන් ඉවත්වන බව දැන ගන්නට ඇත.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසය වන තෙක් සිටින ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන නිසා ඒ ගැන බලා සිටින බවයි. ඇමතිවරු පිරිසක් ඒකාබද්ධයට එකතුවන බව කියන කතාව කාලයක් තිස්සේ කතාවන එකක් බවද ඔහු කීය.
ඇමැති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සුදුසු බව වැඩිදෙනාගේ මතය වී ඇති බවයි.
0 comments :
Post a Comment