'මට අසාධාරණයක් වුණා' : ලසන්ත ගුණවර්ධන පිළිතුරු දෙයි.


පසුගිය දා සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බැංකු පනත උල්ලංගනය කිරීම හේතුවෙන් බව ප්‍රකාශ කල පුවතට හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ, අදාල පුවතට ෆේස්බුක් කමෙන්ටුවක් මඟින් ප්‍රතිචාර දක්වමිනි.

එම කමෙන්ටුව මඟින් ඔහු පෙන්වා දෙන්නේ තමන් ධුරයෙන් ඉවත් කිරීම අසාධාරණ බවයි. එසේම තමන් ඊට විරුද්ධව නඩුපවරා ඇති බව ද ඔහු විසින් පෙන්වා දී තිබේ.




කෙසේ නමුත් ලසන්ත ගුණවර්ධන මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති වරයා වශයෙන් පිළිගනු ලබන යෝග්‍යතා සහතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර නොමැති බවත් අදාල තනතුර සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සලකා බලන සුදුසුකම් ලසන්ත ගුණවර්ධන මහතා සපුරා නොමැති බවත් කෝප් පරීක්ෂණවලදී අනාවරණය වී තිබූ අතර පසුගිය මාර්තු 23 වනදා ප්‍රකාශයට පත්කළ කෝප් කමිටු වාර්තාව මඟින්ද ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා මැදිහත්වූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව හෙළිදරව් කර තිබේ.

ණය ලබාදීමේදී සභාපතිවරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවත් අක්‍රිය ණය අනුපාතය 39%ක තරම් ඉහළ අගයක පැවතියද එය වෙනස් කිරීමට සභාපතිවරයා කටයුතු කර නොමැති බවටත් කෝප් වාර්තාව මඟින් අණාවරණ කර ඇත. 

ගණුදෙනුකරුවන්ට ණය ලබාදීමේදී සභාපතිවරයාට අවශ්‍ය පරිදි පොලී අනුපාත තීරණය කර ඇති බවටද කෝප් වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම 2015 ජනවාරි 1 වනදා සිට 2016 මාර්තු 03 වනදා දක්වා නියමිත සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් 64ක් බැංකුවේ සේවයට බඳවාගෙන ඇති බව එම වාර්තාවේ දැක්වෙයි. 

ඒ අනුව ඔහු බැංකුවක වගකීමක් දැරීමට නොසුදුස්සෙකු බවද තීරණය කර තිබූ අතර විගනකාධිපතිවරයාදය එය සනාත කරමින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. 

තම දේශපාලන බලය යොදා ගනිමින් සභාපති ධූරයේ රැදී සිටීමට දරන උත්සාහය ලංකා පුත්‍ර‍ බැංකුවේ වත්මන් පාලනයේ අක්‍ර‍මිකතා හෙළි කළ දුෂණ විරෝධී පෙරමුණේ දැඩි අවධානයට යොමුවී ඇත.

එසේම මිට පෙර අවස්ථා කිහිපයක දී ම ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරයා විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ රහස්‍ය භාවය පිළිබද වගන්ති උල්ලංඝණය කරමින් කටයුතු කරන බව දුෂණ විරෝධී පෙරමුණ මගින් අනාවරණය කරණ ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුෂණ විරෝධී පෙරමුණ විසින් ලංකා පුත්‍ර‍ බැංකුව සම්බන්ධයෙන් මතු කළ මුලික කරුනු පිළිගෙන ඇති බව ද මිට පෙර පළවූ මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ඒ අනුව 02/19/318/0073/004 යොමු අංකය යටතේ සිය නිරීක්ෂණ ඉදිරිපත් කල ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත්තේ ලසන්ත ගුණවර්ධන මහතා ට ලංකා පුත්‍ර‍ බැංකුවේ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය විශේඥතාව නොමැති බව ( According to findings of the Special Examainations of Lankaputhra Development Bank Limited condected by this department Mr. Goonewardena has failed to come up with the Section 3 (5) (ix) of the Banking Act Direction No. 12 of 2007 on Corporate Governance for Licensed Specialised Banks) සහ බැංකු පනතේ 77 වගන්තිය යටතේ රහස්‍ය භාවය සුරක්ෂිත කිරීමට අසමත් වී ඇති බවයි. (Despite supervisory concerns raised at the meeting held on 12.05.2015 with Goonewardena and you, on maintaining confidentiality of information, Goonewardena has failed and/or been negligent to maintain the duty of Confidentiality in his capacity as the Chairman of LDBL in violation of Section 77 of the Banking Act.)

මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා මීට පෙර හෙළිදරව් කර සිටියේ ද සිරස පුවත් විකාශයක් හා සම්බන්ධ වෙමිනි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment