රාජපක්ෂලා තවමත් නීතියට ඉහළින්.


පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී රටේ නීතිය පිළිබඳ කිසි ම තැකීමක් නොකර නීතියට ඉහළින් සිටි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මේ ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් දිගින් දිගටම නීතියට කිසිසේත් ම යටත් නොවී ක්‍රියා කරන බව තහවුරු වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ දී අවධාරණය කර තිබුණ ද, ජනාධිපතිගේ සෘජු මැදිහත් වීමෙන් එය වැළැක්වීය.

වර්තමාන හවුල් ආණ්ඩුව බලයට පත් වූ ආසන්න කාලයේ දී ‘සිරිලිය ගිණුම’ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳ වූ අවස්ථාවේදී ද ජනාධිපති මැදිහත් වී එය නැවැත් වූ තැන් පටන් රාජපක්ෂ පවුල නීතියට ඉහළින් තබා තිබේ.

ශිරන්ති පමණක් නොව මහින්ද පවුලේ කිසිවකු එසේ අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති විසින් පරීක්ෂණ පවත්වන අංශවලට නියෝග කර තිබිණි. ඉන් පසු බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට පැමිණීමත් සමඟ අත්අඩංගුවට ගත් පසු රනිල් පාර්ශ්වය සහ මෛත‍්‍රී පාර්ශ්වය යන දෙපාර්ශ්වයම රාජපක්ෂවරුන්ට සම්බන්ධ පරීක්ෂණවලදී අත්අඩංගුවට ගැනීම්වලින් වැළැක්විය.

මෙහි තීරණාත්මක කඩඉමකට එළඹෙමින් රාජපක්‍ෂවරුන් නීතියට උඩින් තැබීම සඳහා භික්ෂුන් පිරිසක් ඇතුළු විවිධ අන්තවාදී බලවේග ද සක්‍රීය වී ජනාධිපතිට බලපෑම් කරන තරමට දැන් බලවත්ව සිටිති.

(ලංකා ඉරිදා සංග්‍රහය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment