මොරගහ කන්දෙන් ජල විදුලිය ලබාගැනීම අරඹයි



මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සඳහා මුල්වරට දායකකර ගැනීමේ පරීක්ෂණ කටයුතු ඊයේ (02දා) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඇරඹිණි.

පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබු අතර ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට එය ප්‍රමාණවත් විය.

ඊයේ සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙණු ඇත.
මෙ මගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment