ජයලලිතාගේ ආසනයේදී ඇගේ පක්ෂයට අන්ත පරාජයක්

තමිල්නාඩු මහ ඇමතිණී ජයලලිතාගේ මරණින් හිස් වූ ප්‍රාන්ත මැතිවරණ බල ප්‍රදේශය වන ආර්.කේ. නගර් හි පැවති අතුරු මැතිවරණයෙන් හිටපු AIADMK පක්ෂ නායිකා සසිකලාගේ බෑණා වන TTV දිනකරන් ජය ගත්තා.



මෙම ජයග්‍රහණය දේශපාලන විචාරකයන් පුදුමයට පත් කිරීමට සමත් වුණා. දිනකරන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙම අතුරු මැතිවරණයට ඉදිරිපත් වීම ඊට හේතුවයි.


ජයලලිතා 2016 දෙසැම්බර් 5 වනදා මිය ගිය අතර ඉන් පසු ඇගේ AIADMK පක්ෂයේ බල අරගලයක් ඇති වුණා. මෙහිදී ඇගේ මිතුරිය සසිකලා බලය අල්ලාගත්තේ ජයලලිතාගෙන් පසු මහ ඇමති බවට පත් වූ ඕ. පන්නීර්සෙල්වම්ගේ පාර්ශවය පරාජය කරමින්. ඇය විසින් දිනකරන් පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් බවට පත් කළා.

නමුත් සසිකලා දූෂණ නඩුවකට සිරගත කෙරුණ අතර ඇයට සහය දෙමින් සිටි නව මහ ඇමති ඊ. පලනිස්වාමි ඇතුලු පිරිසක් 2017 අගෝස්තුවේදී පන්නීර්සෙල්වම් පාර්ශවය හා සමාදාන වුණා. ඒ සමඟම දිනකරන් ඔහු සිටි තනතුරෙන් ඉවත් කෙරුණා.

මෙවර දිනකරන් විසින් AIADMK පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ව පහසුවෙන්ම පරාජය කළා. ඔහු ඡන්ද 89,013 ක් ලබා ගත් අතර දෙවන ස්ථානයේ වූ AIADMK අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 40,707 ක් ඔහු ලබා ගත්තා. ආසනයේ ප්‍රකාශිත සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ 176,890 ක්.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment