රජිණි කාන්ත් දේශපාලනයට



රජිණි කාන්ත් 
දේශපාලනයට 

දකුණු ඉන්දීය සුපිරි නළු රජිණි කාන්ත් දේශපාලනයට පිවිසීම පිළිබඳ පසුගිය දිනවල කටකතා පැතිර ගොස් තිබූ අතර ඒ ගැන අවසන් තීරණය දෙසැම්බර් 31 වනදා හෙළි කරන බව ඔහු සඳහන් කර තිබේ.
දෙසැම්බර් 26 උදෑසන චෙන්නායි නුවරදී රසිකයින් අමතමින්
මේ ගැන ඔහු පවසා තිබුණි.

බස් කොන්දොස්තරවරයෙකු ලෙස ජීවිකාව ඇරඹූ රජිනි කාන්ත් ඉන්දියාවේ දමිළ සිනමාවේ පතාක යෝධයෙකි. ඔහු පසුගිය කාලයේ පෙනී සිටියේ ශ්‍රී ලංකාවට එරෙහි මතයකය. යුද සමයේ යුද අපරාධ කලාය යන චෝදනාවද නගමින් ඔහු ජනතාව කුපිත කරවන ප්‍රකාශද නිකුත් කළ අයෙකි.
රජිණි කාන්ත්ගේ දේශපාලන අරමුණු පිළිබඳ විවිධ සළකුණු මතු වූ නමුත් ඔහු කිසි විටෙක ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ තිබුනේ නැත. කෙසේ නමුත් මැයි මාසයේදී ඔහු කියා සිටියේ දෙවියන්ට අවශ්‍ය නම් එවිට ඔහු දේශපාලනයට එන බවයි.
එමෙන්ම ඔහුගේ බිරිඳ ඔක්තෝබරයේදී අදහස් දක්වමින් රජිනි කාන්ත් දේශපාලනයට පැමිණියහොත් විශාල විපර්යාසයක් වනු ඇතැයි සඳහන් කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment