පියසේන ගමගේට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධූරය

පියසේන ගමගේට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධූරය
පියසේන ගමගේ මහතා පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වූ අතර කෙසේ වෙතත් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වීම නිසා ඔහුට අවස්ථාව හිමි විය.
 
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා කටයුතු කරන අතර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කලෙක සිට සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. විශේෂයෙන් අදාල අමාත්‍යංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිටින්නෙ දැඩි කලකිරිමකිනි. මේ නිසා එම අමාත්‍යංශයට සෘජු මැදිහත්වීමක් සිදුකිරීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටින බව අප මීට ඉහතදීද වාර්තා කළෙමු.
 
මේ අනුව රාජ්‍ය ඇමතිධූරය හරහා නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයට සෘජුව මැදිහත්වීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයට රාජ්‍ය ඇමතිවරයෙකු පත්කිරීම එජාපයට ගැටලුවක් වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment