මාගම්පුර වරායට වාහන බෑම නවත්වයි.


හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීමට තීරණය කිරීමෙන් පසුව එම වරායට මෝටර් රථ ගොඩබෑම අත්හිටුවා තිබේ.

දෙසැම්බර් 01 වැනිදා සිට ආනයනය කරනු ලබන මෝටර් රථ ගොඩබෑම සිදුකරනු ලබන්නේ කොළඹ වරායටය.

ගොඩ බාන වාහන රේගුවෙන් නිදහස් කර ගන්නා තෙක් ගාල් කිරිමට කොළඹ වරායේ ස්ථානයක් නොමැතිවීමෙන්ව ඒවා මේවන විට ගාල්කර ඇත්තේ වරායේ සිමෙන්ති ඇසුරුම්කරන කම්හලක් ආසන්නයේය.

එසේ ගාල්කර ඇති මෝටර් රථ සිමෙන්ති කුඩුවලින් නැහැවී ඒවා හානියාට පත්ව ඇති බවද වරාය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment