'හිරුණිකාගේ අම්මව කපපු කතාව බොරු' - මරික්කාර්


කොලොන්නාව නගර සභාවට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සඳහා සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම ඇතුළත් කර නොතිබුණ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳයි.

එසේම සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියව නාම යෝජනා සඳහා ඇතුළත් කිරීමට පක්ෂයේ හෝ පක්ෂ නායකත්වයේ උපදෙස් නොතිබුණ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළොන්නාව නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදුන් නාම යෝජනා තමා විසින් මකා දැමූ බවට වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment