එජාප දියවීම දිගටම : කැලණියේ ප්‍රබලයින් පිරිසක් ශ්‍රීලනිපයට.

කැළණිය ආසනය නියෝජනය කළ ප‍්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී, එතුමා ගෙනයන වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.

කැළණිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරුන් වන කණිෂ්ක සමරසිංහ, නෝබට් පෙරේරා යන මහත්වරුන් සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පිරිසක් මේ අතර වේ.

පෑලියගොඩ රෝහණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌරාපොළ පේමසිරි නායක ස්වාමින් වහන්සේ සහ කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රීක් සංවිධායකවරයෙකු ලෙස පත්කෙරුණු මොහොමඩ් ස්මයිල් මොහොමඩ් ශෆී මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment