ඇස්බැස්ටස් තහනම ඉවත් කරේ රුසියාව නිසා නෙමේ - ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ඉල්ලීම් නිසාලු


ඇස්බැස්ටස් තහනම ඉවත් කරේ
රුසියාව නිසා නෙමේ - ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ඉල්ලීම් නිසාලු

සෞඛ්‍යයට තර්ජනයක් යයි කියමින් ලෝකයේ බොහෝ රටවල්වල භාවිතයෙන් ඉවත් කර තිබෙන ඇස්බැස්ටස් තහඩු ලංකාවෙන්ද තුරන් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා 2016 සැප්තැම්බර් මස විශේෂ ප්‍රකාශයක් කරමින් 2018 සිට ඒවා තහනම් බව දන්වා තිබුණි.
මෙම තීරණය ලංකාවේ පරිසර හිතකාමීන් මෙන්ම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන පොදු ජනතාව ඉහළින් අගය කර තිබුණි.
මේ හේතුවෙන් ඇස්බැස්ටස් හා අදාළ කර්මාන්ත කරුවන් විකල්ප සෙවූ අතර ඇතැම් ප්‍රමුඛ ඇස්බැස්ටස් වෙළෙඳ සමාගම් 2018 පෙර සිටම පරිසර හිතකාමී සෙවිලි තහඩු
නිර්මාණය පිණිස යන්ත්‍ර සූත්‍ර පවා

පිටරටවලින් ආනයනය කර එම නිෂ්පාදන අරඹා තිබුණි.
මෙබඳු තත්වයක් තුළ එක්වරම අදාළ තහනමට දින 10 ක් තිබියදී ජනපති ප්‍රමුඛ කැබිනට් මන්ඩලය මෙම තහනම ඉවත් කරන්නට පියවර ගෙන තිබේ.
අදාළ කැබිනට් නිවේදනයේ දැක්වෙන්නේ තහනම ඉවත් කරන්නේ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ඉල්ලීම් නිසා බවයි. එවැනි ඉල්ලීම් කළ අය කවුරුදැයි වාර්තා කර නැත.

නමුත් මෙයට පසුබිම්වූයේ ලංකාවට වැඩිපුරම ඇස්බැස්ටස් සපයන රුසියාව බවත් ඔවුන් ලංකාවේ තේ මිලට ගන්නා ඉහළම ගැනුම් කරුවසිටියදී  තේ ගිවිසුම අහෝසි කරන්නට යන ආරංචි සමග මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තාවී තිබේ. නමුත් කැබිනට් තීරණ දැනුම් දීමේදී එවැනි හේතුවක් පැහැදිලි කර නැති අතර එක්වරම පරිසර හා සෞඛ්‍ය හිතකාමී තීරණයක් රජය මගින් වෙනස් කිරීම විවාදයට තුඩුදී ඇත.
පහත පළවන්නේ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ඉල්ලීම් නිසා අදාළ තීරණය ගත් බවට රජය කර තිබෙන පැහැදිලිකිරීමය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment