ජවිපෙ ගම ඉල්ලා ගැසූ පෝස්ටරේ ගැන කතා


ජවිපෙ ගම ඉල්ලා ගැසූ
පෝස්ටරේ ගැන කතා

"දෙපැත්තෙන්ම කෑව ඇති.  ජවිපෙට ගම දීල බලමු."  නමින් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ පෝස්ටරයක් දිවයින පුරා ප්‍රසිද්ධ කර තිබේ.
 මින් ඉහත'උනුත් එකයි, මුනුත් එකයි, මෙදා පාර අපි ජවිපෙට' යන ප්‍රකට ප්‍රචාරණයෙන් පසු
'ජවිපෙට ගම දීල බලමු'

යනුවෙන් ජවිපෙම යෝජනා කිරීම කථාබහට ලක්ව තිබේ.
පසුගිය ජනපතිවරණ හා මහමැතිවරණ සමයේ ජවිපෙ වත්මන් රජයට  වක්‍ර සහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ නායකයින් රතු අලිපැටවුන්ට හංවඩු ගැසී තිබුණ අතර එම පසුබිම යටතේ "දෙපැත්තෙන්ම කෑව ඇති" යනුවෙන් ජවිපෙය විසින්ම යෝජනා කිරීම සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබේ.

ප්‍රාදේශීය සභාව ගම තුළ ස්ථාපිතවී ඇති තත්වයක් තුළ මේ ආකාර ප්‍රචාරණයක් යොමු කරන්නට ජවිපෙය උත්සාහ දරා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment