මහින්දගේ ඉරණම තීන්දු කිරීම , ශ්‍රීලනීපය මෛත්‍රීට බාර කරයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඕනෑම කෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන් වන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ බලය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන ජනවාරි 2දා මැතිවරණ ප්‍රචාරක කටයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති ඊට තවත් ශ්‍රිලනිප සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධවීමට නියමිත බවත් වාර්තාවේ.

මේ අනුව මහින්ද රාජපක්ෂ ඇතුලු එම පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත් හි‍ටුවීමට නියමිතය. ශ්‍රීලනිපය දෙකඩ කඩා පක්ෂය දුර්වල කර එජාපයට වාසි සහගත ලෙස කටයුතු කිරීම ගැන මෙම පොහොට්‍ටු කණ්ඩායමට පක්ෂය තුලින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.

ශ්‍රී ලනිප ව්‍යවස්ථාවේ 26-1, 26-2 සහ 26-3 වගන්තිවලට අනුව සෑම සාමාජිකයකුම පාක්ෂික වගකීම, විනය ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර ඒවාට විරුද්ධව කටයුතු කරන අයට ලැබෙන තොරතුරු අනුව විනය පරීක්ෂණ පැවැත්වේ.

මේ පිළිබඳව පක්ෂයේ සියලු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන් දැනුවත් කරමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment