පොහොට්ටු අපේක්ෂකයා 'අම්මාගේ හිසට පිස්තෝලය තබා' මැතිවරණය අරඹයි.


කඩුවෙල නගර සභාවට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙක් සිය මවට  සහ මාමාට පිස්තෝලයක් පෙන්නා මරණ තර්ජනය කිරීමේ පුවතක් නවගමුව පොලිසියෙන් වාර්තා වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වීම නිසා ඔහු මරණ තර්ජනය කළ බවයි සිසිර වෙත්තසිංහ නම් වන අපේක්ෂකයාගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

අපේක්ෂකයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment