ලංකාවට සුළි සුළං අවදානමක් -උතුරු නැගෙනහිරට වැඩි අවදානමක්- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ලංකාවට සුළි සුළං අවදානමක් -උතුරු නැගෙනහිරට වැඩි අවදානමක්- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මෙයට හේතුව වී තිබෙන්නේ අද දින සිට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමට ඇති හැකියාවයි. දිවයිනට කිලෝමීටර 1300 ක් පමණ නැගෙනහිර දෙසින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, අද දවස තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට පවතින ඉඩකඩ මේ සඳහා හේතු වේ.

මේ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90-100 දක්වා ද, දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ද, දිවයින තුළ, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ද ඉහළ යා හැකි බවයි.

බෙංගාල බොක්කේ නාවික-ධීවර කටයුතු එපා

මේ අනුව බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිරන්තර වැසි, තද ප්‍රහාරාත්මක සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන හෙයින් ඉදිරි දිනවලදී මෙම ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගොඩබිමටත් හානි?

මෙම තත්වය අනුව ලංකාවට ආසන්න බෙංගාල බොක්ක මුහුද කලාපයේ අපේක්ෂිත මෙම කාලගුණික වෙනස්කම හේතුවෙන් ගොඩබිම් හානි සිදුවිය හැකි දැයි ලංකා නිව්ස් වෙබ් විසින් කාලගුණ විද්‍යා දෙපා්තමේන්තුවෙන් අද උදෑසන කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ගොඩබිම දේපළ හානි සිදුවීමට නම් පැයට කිලෝමීටර 75-87 ත් අතර වේගයෙන් සුළං හමා ආ යුතු බවයි. කෙසේ නමුත් යම් යම් තත්ව යටතේ එම වේගයට වඩා අඩු වේගයෙන් හමා එන සුළි සුළං තත්ව යටතේ වුවත් දේපළ හානි සිදුවිය හැකි බව ද කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර අප සමග කියා සිටියාය.

- අමාලි ජයවීර

නිල නිවේදනය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment