ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මෙරටට ඇතුළුවීම වැලැක්වීමට ආරක්ෂණ යාන්ත්‍රණයක්

ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මෙරටට ඇතුළුවීම වැලැක්වීමට ආරක්ෂණ යාන්ත්‍රණයක්

 

ජාත්‍යන්තර පොලිසියේ (Interpol), ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව ද එක්ව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පසුගිය දා හෙළි කලේය. පැය 24 පුරාවට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පොලිසියේ අන්තර් ජාතික තොරතුරු හුවමාරු සේවය හා සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ අදාළ අංශ රතු වරෙන්තු කරුවන් හා ඔවුන් සම්බන්ධයෙන් ඇති තොරතුරු පිළිබඳව යාවත්කාලීන වනු ඇත.

ඒ ඔස්සේ ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවෙකු ලංකාවට ඇතුළුවීම සඳහා උත්සාහ කළහොත් අදාළ අංශ ක්‍රියාත්මක වී එම පුද්ගලයාට එරෙහිව ශ්‍රී ලංකාවේ නීතියට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වීමට එම යාන්ත්‍රණය ඔස්සේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනට සෘජු තර්ජනයක් ත්‍රස්තවාදීන්ගෙන් නොමැති වුවත් ආසියාවට මෙන්ම අනිකුත් කළාප වලට සිදුවන තර්ජන ගැන සිතා කල් ඇතිව පියවර ගැනීමක් ලෙස මෙම කටයුතු සිදුකරනු ලබන බව අමාත්‍යවරයා පවසා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment