ISIS යයි සැකකළ 15 දෙනෙකුට ඊජිප්තුවේදී මරණ දඬුවම​



ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වූ බව සැළකෙන 15 දෙනෙකුට මරණ දඬුවම ලබා දී තිබෙනවා.


මොවුන් එරට ක්‍රියාත්මක ISIS ඇතුළු ඉස්ලාමීය සංවිධානවලට සම්බන්ධ බවයි පැවසෙන්නේ.

හමුදා අධිකරණ මගින් ඔවුන් මෙම දඬුවමට යටත් කළ අතර දෙසැම්බර් 26 වනදා එරට බන්ධනාගාර දෙකකදී ඔවුනට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ කළක පටන් ඉස්ලාමීය ත්‍රස්ත ව්‍යාපාර ක්‍රියාත්මකයි. පසුගිය මාසයේ ඔවුන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් පල්ලියක බැතිමතුන් 300 කට වැඩි පිරිසක් මිය ගියා.

මේ අතර පසුගිය සතියේදී එරට ගුවන් හමුදා හෙලිකොප්ටරයකට ද ඔවුන් පහර දුන්නා. ඒ ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් සිනායිහි කරන ලද සංචාරයක් අවස්ථාවේදියි. මෙහිදී ඇමතිවරුන්ට හානියක් නොවූ නමුත් යානයක නියමුවෙකු සහ ආරක්ෂක ඇමතිවරයාගේ කාර්යය මණ්ඩල සාමාජිකයකු මිය ගියා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment