මෙම ගිවිසුම හුදෙක් දේශපාලන ගිවිසුමක් බවත් එයින් කොරියානු පුරවැසියන් සහ වින්ධිතයන් නොසලකා හැර ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසයි.
‘ ගිවිසුමෙන් වින්ධිත කාන්තාවන්ගේ ගැටලු විසදන්න බැහැ' යනුවෙන් ජනාධිපති මූන් පවස සිටී.
මෙම සිදුවී ඇති වරද නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ජපානයෙන් ඉල්ලා ඇත. දකුණු කොරියානු විදේශ අමාත්‍යංශයේ කාර්ය බලකාය විසින් මාස 5 ක් තිස්සේ සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙලි වී ඇති කරුණු අනුව ජනාධිපතිවරයා විසින් මේ බව අනාවරණය කළේය.
එම දකුණු කොරියානු කතුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීම සඳහා 2015 දී දෙරට අතර එකගතා ගිවිසුමක් අත්සන් කෙරුණි.
යුද්ධයෙන් වසර දශක 7 කට පසු සිදුකරනු ලැබූ මෙම ගිවිසුමේ මූලික එකගතාවය වූයේ වින්ධිත කාන්තාවන්ට අතීතයේ සිදුවූ වරදට, ජපාන රජය විසින් සමාව අයැදීමයි. එහිදී ජපානය විසින් ඩොලර් මිලියන 8 ක ආධාරයක් දකුණු කොරියාවට ලබා දුන්නේය. ඒ ජීවත්ව සිටින ‘සුව දුන් කාන්තාවන්ගේ' මානසික සහ ශාරීරික සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වූ අරමුදල සඳහා යෙදවීමටයි.
දකුණු කොරියානු කාන්තාවන් ලක්ෂ 2 කට ආසන්න ගණනක් දෙවන ලෝක යුද්ධයේදී ජපානය වෙත බලහත්කාරයෙන් යවා තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම සුව කතුන් සිහිපත් කරමින් ස්මාරකයක් දකුණු කොරියාවේ බූසාන් නගරයේ ජපාන කොන්සලේට් කාර්යාලය ඉදිරිපිට ඉදිකලේය. දකුණු කොරියානු ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඉදි කරනු ලැබූ මෙම ස්මාරකයට විරෝධය පල කරමින් එහි සිටි ජපාන තානාපතිවරයා ඉවත් කර ගැනීමට 2017 ජනවාරි මාසයේ ජපන් රජය කටයුතු කලේය. එහිදී ජපාන රජය පැවසුවේ මෙම ස්මාරකය මගින් 2015 දී ඇති කර ගත් ගිවිසුම උල්ලංඝනය වන බවයි.
මෙම පාවහන් රහිත කාන්තා ස්මාරකය මීටර් 1.5 ක් උස වූ අතර ලෝකඩවලින් නිමවා ඇත.
කුමී විජේවර්ධන
0 comments :
Post a Comment