පුද්ගලික රෝහල් නියාමනය 01 සිට.


පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (17) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඉන්දීය ගිලන් රථ සේවාව ආරම්භ කරන අවස්ථාවේ දීත්, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරන අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා මතු කළා. එම සංගමය අවබෝධයක් ඇතිව කථා කරන්නේ නැහැ. පෞද්ගලික රෝහල් නියාමනය කිරිම සඳහා KGMG ජාත්‍යන්තර ආයතනය විසින් දිවයින පුරා සියලු ම පෞද්ගලික රෝහල්වල සිදු කරන සේවාවන් සඳහා අය කරනු ලබන මිල ගණන් එකතු කර වාර්තාවක් සකස් කළා. එම සංෂිප්ත වාර්තාව මේ වන විට අධ්‍යනය කර රෝහල් නියාමනය කිරිම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා" යැයි ද කීය.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට වෛද්‍ය සංගම් බාධා කිරීම විහිලු දනවන කරුණක්. කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අධික මිල ගණන් යටතේ ඇති ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment