ත්‍රිවිධ හමුදාවට මෛත්‍රීගෙන් 100% ක විශ්‍රාම වැටුපක්.


විශ්‍රාම වැටුප් නීතිය වෙනස්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් ඔවුන්ගේ වැටුපෙන් 100%ක ප්‍රතිශතයකින් ගෙවිය යුතු බවට පසුගිය ජනවාරි 08 වැනිදා නිකුත්කරන ලද අතිරේක ගැස්ට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කර ඇත.

සාමාන්‍ය රජයේ සේවකයකුගේ උපරිම විශ්‍රාම වැටුප වාර්ෂික වැටුපෙන් 85% ක් වන අතර ත්‍රිවිධ හමුදා මියගිය, ආබාධිත සෙබළුන්ට අදාළ විශ්‍රාම වැටුප 85%ක් අමතරව රණවිරු සුරකුම් දීමනාව ලෙස 15%ක් එක්කරමින් 100% ක් ලෙස විශ්‍රාම වැටුප් ක්‍රමය සකස් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment