අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කළ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකි.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක ඇතුළු 06 දෙනෙකු පසුගිය 12 වනදා ඇප මත මුදා හැරිණි.
0 comments :
Post a Comment