අගමැති රනිල්ගේ හිත දීපිකා පදුකෝන් ලඟ.


බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ "පද්මාවතී" සිනමාපටය ඉන්දියාවේ තිරගත කරන දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේද විශේෂ දර්ශනයක් පවත්වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රැගුම්පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පද්මාවතී සිනමාපටය ඉන්දියාවේ තිරගත කරන දිනයේදීම මෙරටද විශේෂ දර්ශනයක් තිරගත කිරීමට රැගුම්පාලක මණ්ඩලය පියවර ගෙන ඇති අතර ඒ සඳහා විශේෂ ආරාධිත ප්‍රභූන් පිරිසක් සහභාගී වීමටද නියමිතය.

රැගුම්පාලක මණ්ඩලය මේ සම්බන්ධව අධ්‍යක්ෂ බන්සාලි සමඟ සාකච්ඡාකොට ඇති බවත් ඔහු ඊට එකඟත්වය ප්‍රකාශ කර ඇත් බවත් සඳහන් වේ.

"පද්මාවතී" සිනමාපටය ඉන්දියාවේ ඉමහත් ආන්දෝලනයට ලක්වූ චිත්‍රපටයක් වන්නා සේම එය පසුගිය දෙසැම්බර් මස නිකුත් කිරීමට තිබියදී දැඩි ජනතා විරෝධය හේතුවෙන් වැළැක්විණි.

පසුව එය මෙම මස 25 වැනිදා තිරගත කිරීමට සැලසුම් කළද යළිත් වරක් කල් ගොස් තිබේ.

මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් , රන්වීර් සිං සහ ශහීද් කපූර් රංගනයෙන් දායක වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment