අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව තුළ මතු වී ඇති නොසන්සුන්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහුගේ විද්වත් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය.
"අපරාදේ. ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කලින් මේක පක්ෂ දෙක අතර සාකච්ඡා කරන්න තිබුණා. එහෙම කළා නම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා එතුමාට වසර 6ක් තනතුරේ ඉන්න අවස්ථාව ලබා දෙන්න තිබුණා. නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන් නේ. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරා ම ඒක නීතියක් වෙනවා. එහෙම සුහදශීලීව කටයුතු කරලා විසඳා ගන්න තිබුණු ප්‍රශ්නයක් තමයි එතුමා කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අවුල් කර ගත්තේ. මේක අපි හැමෝට ම පාඩමක්" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා විද්වත් මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම හේතුවෙන් ආණ්ඩුවේ ඉදිරි දෙවසර ම ගත කිරීමට සිදුව ඇත්තේ මැතිවරණ උණුසුමත් සමඟය. පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අතර මාර්තු හෝ අප්‍රේල් වනවිට පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතුව ඇත. 2019 ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවිය යුතුව ඇති බැවින් ඉතිරි වී ඇත්තේ මාස 20ක පමණ කාලයකි.
කෙසේවෙතත් ඉහත විද්වත් මණ්ඩලය ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයා හා තමන් අතර කිසිදු විරසකයක් නොමැති බවයි. "අපේ කිසිම විරසකයක් නෑ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මැතිවරණ වේදිකාවලදී එකිනෙකාට බැණගන්න එක. මේ වෙන්නේ ඒකයි. එතනින් එහාට කිසිම තරහක් නෑ. පෙබරවාරි 11 වෙනිදා ඉඳන් සුපුරුදු විදියට අපේ පොදු වැඩපිළිවෙල ඉදිරියට යනවා. ජනාධිපතිතුමා අපිව තනි කරන්නෙත් නෑ, අපි ජනාධිපතිතුමාව තනිකරන්නෙත් නෑ" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා විද්වත් මණ්ඩලයට පවසා ඇත.
0 comments :
Post a Comment