අධිවේගයේ පස් වගුරුබිම් ගොඩ කිරීමට යොදාගෙන!

අධිවේගයේ පස් වගුරුබිම් ගොඩ කිරීමට යොදාගෙන!

 

මාතර කතරගම අධිවේගි මාර්ගයෙන් ඉවත් කරන පස් මේ සඳහා යොදා ගැනෙන අතර මේ වන විට කිරල කැලේ අවට ප්‍රදේශය පස් ගොඩ ගසා තිබේ. එසේම හක්මණ මාතර මාර්ගයේ තුඩාව, නාදුගල ප්‍රදේශ ද මේ සඳහා යොදා ගෙන ඇත. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පස් තුනී කිරීමද මෙහි දැකිය හැකි වේ. බලධාරීන්ගේ අනුමැතිය ඇතිව එම ප්‍ර දේශවල වල පදිංචි කරුවන් විසින් තම ඉඩම් විශාල කර ගැනීම සඳහා මෙසේ පස් ගොඩ කරන බවයි වාර්තා වෙන්නේ. බොහෝ වේලාවට මෙම ගොඩ කිරීම් රාත්‍රී කාලයේ සිදුවන අතර දිවා කාලයේ සමහර ප්‍රදේශවල දක්නට නැතුවාම නොවේ. මෙම ප්‍ර දේශ කිරල කෙටල ආදී කඩොලාන බහුල ප්‍රදේශයකි.

 

මෙම තෙත් බිමෙහි මෙම තෙත්බිමේ මීටර 180 ක් පමණ ඝනකමට රොන්මඩ තට්ටුවක් තැන්පත් වී ඇති බව මෑතකදී කරන ලද කැණිම් වලින් තහවුරු වී ඇත.

නිතර පිටාර ගලන නිල්වලා නදියේ අතිරික්ත ජලකඳ පාලනය වන්නේ මෙම තෙත්බිම නිසාය.

ඒ අතර මාතර නගරයේ කුණු ගෙනත් ගොඩ ගැසීම නිසා කුරුළු අභය භුමියේ සිටින සත්ව ප්‍රජාවට ‍මින් බලපෑම් සිදු වෙමින් පවතී.

ජෛව විවිධත්වය අධ්‍යාපන පරියේෂණ මධ්‍යස්ථාන මගින් 2009 දී නිකුත් කරන ලද වාර්තාවට අනුව බත් කූරන්,විශේෂ 25 ක් උරග විශේෂ 27 ක් උභය ජීවී 08 ක් පක්ෂි විශේෂ 69 ක් ක්ෂීරපායි විශේෂ 16 ක් ගොඩබිම ගොලුබෙලි විශේෂ 5ක් මෙම තෙත්බිම ආශ්‍රිතව ජීවත් වෙති. ගැටකිඔුලා,පිඔුරා,කිරලා,පැස්තුඩුවා,පොදුගැලිනුවා, කිතලා,ලතුවැකියා,දියසෑනා,සේරුවා,බ්‍රාහ්මණ උකුස්සා,දියබරියා,නරියා,කොලදිවියා,රත්තඹුරු මුගටියා මෙම තෙත්බිම තුලදී හමුවී ඇත.

කිරල,කෙටල,දියදග,ජබර,ලුනිවිල,දියහවරිය,කෙකටිය,පේර,මසන්,ගදපාන,මාදං,අඹ,කුඹුක්,බක්මී,උණ,දවට,හික් වැනි ශාක ප්‍රජාවන්ද මෙහි දක්නට ලැබේ.මෙම තෙත්බිමේ ඇති භූ විද්‍යාත්මක පරිසර විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට ලෙන අංක 1305-4 හා 2013 සැප්තැම්බර් මස 08 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

කැලුම් බෝධිමාන

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment