බැඳුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට.


අද  (17) දිනයේදී බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුව වෙත යොමු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

අදාළ විමර්ශන වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ඉකුත් දා කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දෙනු ලැබීය.

ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විවිධ පාර්ශ්ව කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනූව පසුගිය 10 වෙනිදා අදාළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයට ගැනීම සඳහා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවනු ලැබු අතර, ඒ මොහොත වනවිටත් බැඳුම්කර කොමිසමට අදාළ විමර්ශන වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවට ලැබී තිබුනේ නැත.

රැුස්වීම අතරතුර අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට කටයුතු කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එවැනි පසුබිමක පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූ කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ බැඳුම්කර කොමිසමේ ජනාධිපති විමර්ශන වාර්තාවේ පිටපත් ජනවාරි 17 වනදා පාර්ලිමේන්තුවට යොමු කරන බවට ජනාධිපති ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බවයි.

ඒ අනුව අද දෙරණ කළ විමසීමකදී ජනාධිපති ලේකම්කාර්යාලයේ ප‍්‍රකාශයකු සඳහන් කළේ හෙට දිනයේදී ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවට යොමු කරන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment