මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා ඩෙංගු උණෙන් මියයයි


මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා
ඩෙංගු උණෙන් මියයයි


පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ වැඩිමහල් දියණය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඊයේ (16 දා) අලුයම හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය පසුවූයේ 35 වන
වියෙහිය.

ඩෙංගු උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍යවී මෙමමරණය වාර්තා වූ අතර ඇයට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මිය ගොස් තිබුණි. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය Interior Design ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වූ අතර ඇයටම අයත් පුද්ගලික සමාගමක් පවත්වා යමින් සිටියාය.
මියගිය රංජලා දෙදරු මවකි.
 ඇගේ දේහය කොළඹ සිට පොළොන්නරුවට ඊයේ (16 දා) පස්‌වරුවේ රැගෙන ඒමට නියමිතව තිබිණි.
ඇය Interior Design සම්බන්ධයෙන් සිදු කළ ඉදිරිපත් කිරීමක වීඩියෝවක් පහතින්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment