මැතිවරණ නීති ආරක්ෂා කිරීමට කැපවෙනවා - අගමැති

මැතිවරණ නීති ආරක්ෂා කිරීමට කැපවෙනවා - අගමැති
මැතිවරණ සමයේදී ජනමාධ්‍ය අයතන විසින් අනුගමනය කළයුතු ආචාර ධර්ම ඇතුළත් ලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
 
මැතිවරණ කොමිසම විසින් මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කළ අතර සියලු මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ආයතන මෙම ආචාර ධර්ම පද්ධතියට අනුව කටයුත කළයුතු වේ.
 
මෙම ආචාර ධර්මවලට අනුව මාධ්‍ය ආයතන සියලු පක්ෂවලට සමාන අවස්ථා ලබාදිය යුතු අතර රූපවාහිනී ප්‍රවෘත්ති අතරතුරදී ඉදිරිපත් කරන්නන් විසින් පෞද්ගලික අදහස් දැක්වීම් අත්හිටුවා තිබේ. විශේෂයෙන් අගමැතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ පුවත් ආවරණය කිරීමේදී එක් එක් අපේක්ෂකයන්ට හෝ පක්ෂවලට සහාය දක්වමින් සිදුකරන ප්‍රකාශ විකාශය කිරීම ද තහනම් වේ.
 
රූපවාහිනී ඇතුළු විද්‍යුත් මාධ්‍ය හරහා සිදුකරන දේශපාලන සාකච්ඡාවලදී අපේක්ෂකයන් ප්‍රවර්ධනය හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාල ජනමාධ්‍ය ආයතනයට අවස්ථාව හිමි වේ. එවැනි සාකච්ඡා සඳහා සියලු පක්ෂවලට සමාන අවස්ථා ලබාදිය යුතු අතර යම් පක්ෂයක් ඒ සඳහා සහභාගි නොවන්නේ නම් ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කළයුතු අතර ඒ සඳහා හිස් පුටුවක් තැබීම වැනි ක්‍රමවේදයක් භාවිතා කළයුතු බවට මැතිවරණ කොමිසම මගින් සකස් කළ ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment