මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි.


පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 දා) අලුයම අභාවප්‍රාප්ත වූවාය.

 මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවකි.

 මියගිය රංජලා ගම්ලත් මහත්මියගේ දේහය කොළඹ සිට පොළොන්නරුවට ඊයේ (16 දා) පස්‌වරුවේ රැගෙන ඒමට නියමිතව තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment