විජයදාස රාජපක්‍ෂට එජාපයෙන් තර්ජන!


තම ආරක්‍ෂාවට ලබාදී සිටි ඇමැති ආරක්‍ෂකයන් හත් දෙනාගෙන් පස්‌ දෙනකු පෙරේදා (15 දා) රාත්‍රියේ සිට ඉවත් කර ඇතැයි හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

 මම ඇමැති කාලේ තමයි හත්දෙනෙක්‌ ආරක්‍ෂාවට දුන්නේ. ඉවත් කිරීම ප්‍රශ්නයක්‌ නෑ. ඒත් හැම කෙනෙකුටම එකම ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. මම දූෂණ චෝදනා නිසා ඇමැති කමෙන් ඉවත්වී මන්ත්‍රී වුණ කෙනෙක්‌ නෙවෙයි.

 රවි කරුණානායක මහතාත් අද මන්ත්‍රීවරයෙක්‌. ඒත් ඔහුට එකොළොස්‌ දෙනෙක්‌ ආරක්‍ෂාවට ඉන්නවා. රවිගේ ආරක්‍ෂකයන්ට අත තියන්න එපා. විජයදාසගේ ආරක්‍ෂාව අඩුකරන්න" කියා පොලිස්‌පතිවරයා ප්‍රකාශ කර තිබෙන බව මට දැනගන්න ලැබුණා.

 එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයෙක්‌. එයාට ඇති ජීවිත තර්ජනයක්‌ නෑ. ඒත් සුමන්තිරන් මහතාට විශේෂ කාර්ය බළකාය, ඇමැති ආරක්‍ෂකයන් ආරක්‍ෂාවට ලබාදී තිබෙනවා. මනෝ ගනේෂන්ටත් එස්‌ටීඑµa ආරක්‍ෂාව. යළි ආරක්‍ෂක භටයන් වැඩි කරන්න කියලා මම ඉල්ලන්න යන්නේ නෑ.

 මට ගැහුවොත් ගහන්නේ යූඑන්පී එකේ අය මිසක්‌ පිට කවුරුත් නොවෙයිනේ. මට තර්ජනය තියෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් යෑයි විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment