විදේශිකයන්ට පමණයි නම් බලපත්‍රය අහෝසියි.


විදේශිකයින්ට පමණයි යනුවෙන් සඳහන් කර ඇති හෝටල්වලින් දේශීය සංචාරකයා ඈත් කිරීමට ඉඩ නොදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඊයේ (02දා) අමාත්‍යාංශයේ පැවැති හමුවකදී  මේ බව සඳහන් කළ ප්‍රකාශ කළේ රටේ ආත්ම ගරුත්වයට බලපාන මෙම ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යය බවයි.

දේශීය සංචාරකයින්ගේ ද වර්ධනයක් පෙන්නුම් කරන මෙවැනි කාලසීමාවක සංචාරක ප්‍රවර්ධනයට බාධා එල්ලකරමින්, සංචාරකයින්ගේ මානව අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන මෙම සිදුවීම් පිළිබඳව විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව මෙවැනි ආකාරයෙන් දැන්වීම් ඇති හෝටල් පරීක්ෂාවකට ලක්කර ඔවුන්ගේ වෙළඳ බලපත්‍රය අහෝසි කිරීමටත්  අමාත්‍යාංශය තීරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment