වාර්තාවක් සමඟින් Daily News වසර 100 සපුරයි.



ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත්කරන ‘ඩේලිනිවුස්’ පුවත් පතට අද (3 ) වසර 100 සපිරේ.

වසර 1918 ජනවාරි 03 වැනි දින ඩී. ආර්. විජයවර්ධන මහතා ආරම්භ කළ ඩේලිනිවුස් පුවත් පතේ පළමු කතුවරයා වී ඇත්තේ ක්‍රවුදර් නමැති ඉංග්‍රීසි ජාතිකයාය. ආරම්භයේ සිට මේ දක්වා ඩේලිනිවුස් පුවත් පත මෙහෙයවා ඇති කර්තෘවරු සංඛ්‍යාව 26 කි.

එහි වර්තමාන කර්තෘවරයා වන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකෝන් මහතායි.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ "සිලනිස්" නමින් පැවැති පුවත්පත ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ඩේලිනිවුස් නමින් නව පුවත් පතක් ලෙස මුද්‍රණයෙන් ජනතාව අතට පත් විය. 

එදා සිට අද දක්වා සංස්කෘතික,සමාජ,ආර්ථික, ජාත්‍යන්තර සහ දේශීය සංසිද්ධීන් වාර්තා කරමින් පාඨකයා දැනුවත් කිරීමේ කාර්යය භාරය ඉටු කෙළේය.

වර්තමාන පුවත්පත ලියැ වෙන්නේ පුළුල් පුවත්පතක් ලෙසින් වන අතර, වර්ණයෙන් සහ කළු-සුදු යන දෙයාකාරයෙන්ම ඡායාරූප මුද්‍රණය කෙරේ.

දකුණු ආසියාවේ වසර සියයක් අඛණ්ඩව සම්පූර්ණ කළ පුවත් පතක් ලෙස ඩේලිනිවුස් පුවත් පත ඉතිහාසගත වේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment