මේ ආණ්ඩුව පාරවල් කාපට් කරන ආණ්ඩුවක් නෙමෙයි - චම්පික


මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක බොරැල්ල ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමින් මෙසේ කියා තිබේ.

‘මේ ආණ්ඩුව පාරවල් කාපට් කරන ආණ්ඩුවක් නෙමෙයි ඒක  මතක තියා ගන්න. මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය අධ්‍යාපනය  දියුණු කරන ආණ්ඩුවක්. අද කොළඹ මහ රෝහලේ අංග සම්පූර්ණ සේවාවන්
සැපයෙනවා. ඖෂධ වර්ග 400 ක මිල ගණන් අඩු කරලා සහනය දීලා තියෙනවා. හදවත් රෝගයෙන් පෙළෙන  ඕනෙම කෙනෙකුට අද ගිහිල්ලා ඒ හදවත් රෝගයට නොමිලේ බයිපාස් ප‍්‍රතිකාර ලබාගන්න අවස්ථාව ලබාදීලා තියෙනවානේ. ඒ ඔක්කොම අපි මේ පාලනය යටතේ සිදුකර තිබෙනවා.

ඒ වගේම අපි හැම තැනකම රාජපක්ෂ නම තියෙන ඒවා නෙමෙයි වැදගත් පාසල් හැම එකේම ළඟම පාසල හොඳම පාසල හැටියට දියුණු කර තිබෙනවා. පොතපත දීලා ඇඳුම් පැළඳුම් දීල විතරක් නෙමෙයි අද ඉහළ පන්තිවල අපේ දූ දරුවන්ට ටැබ් එක අතට දෙන යුගයක් අපි මේ ආණ්ඩුව ඇතුලේ හදලා තිබෙනවා. භෞතික සංවර්ධනයට එහා ගිය පුද්ගල සංවර්ධනයක් මෙම රට තුළ අපි ඇතිකර තිබෙනවා.
එසේම කොළඹ නගරය අද විධිමත්ව අප ගොඩනගනවා. කොළඹ නගරයේ මලඅපවහන පද්ධතිය 1860 සුද්දා දැම්මේ. අපි ගෝඨාභය වගේ මල්වතු හිටවන්න යන්නේ නැහැ. අපි මුලින් හදන්නේ කුස්සියයි වැසිකිලියයි. ඒ අවුරුදු සිය ගණනක් පරණ මේ වැසිකිලි මලනල පද්ධතිය අපි ඊ ළඟ අවුරුදු 3 දී විධිමත් කරනවා. බේරේ වැවට කැළි කසළ යවපු යුගය, ඒ වගේම මට්ටක්කුලියෙන්, වැල්ලවත්තෙන් මහමුහුදට කැළි කසළ යවපු යුගය නවත්වා මේ මුළු කොළඹම මලඅපවහන පද්ධතිය විධිමත් කරන වැඩපිළිවෙල අද අපි ක්‍රියාත්මක කර තිබෙනවා. ‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment