කාලයක් පුරාවට අප දියවන්නාවේ කාන්තාවෝ ගැන කතා කළෙමු. දේශපාලනයට කාන්තාවන් නොඑන්නේ ඇයි යන්න ප්‍රශ්න කළෙමු. සියල්ල හමුවේ කතාව විකිණෙන බවත් එකී සෙවීම් හමුවේ අපි කථා කළෙමු. කෙසේ හෝ මෙවර මැතිවරණයේදී කාන්තා නියෝජනය සියයට 25 ක් කිරීමට රජය තීරණය කළේ එකී සටන්වල ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ තුළ සමහර පක්ෂ පස්ස බිම ඇන ගත්තේ සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය කාන්තාවන් නොමැතිකමිනි. ඒ නිසාම ඉදිරිපත් කළ අයදුම් පත් කුණු කුඩයට විසිවිණි. තත්වය එසේ තිබියදී උතුරින් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද පැවසුවේ ඔවුන් සියයට 50 ක් කතාවන් මෙවර පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් කරන බවයි. අපි උතුර ගැන කොහොම නිර්වචනයන් ඉදිරිපත් කලද අද දවසේදී මේ පෙන්නුම් කරන ශක්තිමත් බව එක් පැත්තකින් සතුටට කාරණයකි.
කතාව සහ දේශපාලනය ගැන කතා කිරීමේදී නින්දිතව එළියට එන ලිංගිකත්වය අමු අමුවේ කථා කරන්නට හැකි අද දවසේ හොදම උදාහරණය මධුෂා රමසිංහය.
රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ මධුෂා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “පත්තිනි” චිත්‍රපටයේ පත්තිනි දේවියගේ චරිතයෙන් පසුව තම රංගන ජිවිතයට සමු දී දේශපාලනයට අවතීර්ණ වී ඇත. කුඩා කළ සිටම සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් කටයුතු කරමින් නොයෙක් සමාජ ක්‍රියාකාරකම්වල නියැලුණු මධුෂා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙසින් නාමයෝජනා ලබා ගැනීමට යාමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ලේකම්වරයකු විසින් ඇයට නාම යෝජනා ලබා දීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලා තිබිණි.
“මහින්ද අදටත් දුෂිතයන් ආරක්ෂා කරනවා. නාම යෝජනා ලබා නොදුන් එකට මම නිරුවතින් කොටුවේ උද්ගෝෂණය කරනවා කියලා තවත් බොරුවක් මේ අය විසින්ම පැතිරුවා. ඒක බොරුවක්. මම කවදත් නිරුවතට විරුද්ධයි. මේ ගැන අප කළ විමසුමට පිළිතුරු දෙමින් මධුෂා රාමසිංහ පැවසුවේ ඒ අයුරිනි.
පසුගිය කාලය පුරා ඇය විවිධ දේශපාලන පක්ෂවලට සමීප වුවත් මෑතකදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග රැඳී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට වැඩ කර තිබිණි. පසුව ඇය පොදුජන පෙරමුණට සම්බන්ධ වන්නේ පසුගිය දෙසම්බර් මසදීය. කැස්බැව මුල්ගම වූ ඇය මෙලෙස නාමයෝජනා ලබා ගැනීමට අපේක්ෂා කර ඇත්තේ කෝට්ටේ මහ නගර සභාව සඳහාය. ඇයගේ දේශපාලන පසුබිම ගැන විවිධ කථා ඇත. අප මේ උත්සහ ගන්නේ එකී විවේචනයන් සාධාරණීකරණය කරන්නට හෝ ඒවා ඉල්ලිප්පිමට නොව අපට අවශ්‍ය වන්නේ ලිංගික සූරාකෑම් ගැන කථා කිරීම පමණි.
ඇය පවසන්නේ අදාල ලේකම්වරයා නොයෙක් විටකදී මෙලස ලිංගික අල්ලස් ඉල්ලු බවයි. එමෙන්ම අදාල පුද්ගලයා පවසා ඇත්තේ ඡන්දේ ඉල්ලන නම් නිරුවත් විය යුතු බවයි. මේ පිළිබඳව ඇය හිටපු ජනාධිපති මහින්ද අරජපක්ෂ මහතාට පැවසු අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ 'මොනවා කරන්නද දුව මුන් ඔයාගේ නාම කපලා' යනුවෙනි.
බිම්මට්ටමේ අප කළ ගවේෂණවලදීද කාන්තාව සමාජ ක්‍රියාකාරිනියන් ලෙස කටයුතු කිරීමේදී මෙවන් කථා, මඩ, ලිංගික අල්ලස් මෙන්ම ලිංගිකව පහර දීම අනන්තවත් ඇත. හෙළිවූ කථාවක් නිසාවෙන් මෙය මෙලෙස නම් ගම් සහිතව අප ලියන්නෙමු. නමුත් මෙලෙස හෙළි නොවන කථා තවත් බොහොමයකි. නාමයෝජනා ලබා ගැනීම සඳහා ලිංගික අල්ලස් ලබා දිය යුතුද යන්න අසන්නට සිදු වනේය. සියල්ල හමුවේ හෙළි වන්නේ කාන්තාව තමන්ගේ කාන්තාභාවය හමුවේ විකුණා දමන්නට අධම තුච්චන් ගන්න උත්සාහය ? කාන්ත නියෝජනය වැඩි කොට අත පිහිදා ගැනීමට නොව දැන් සිදුවිය යුත්තේ එතැනින් එහාට ගොස් කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් ආරක්‍ෂිත රාමුවක නිර්මාණය කර වියත් ගමනකින් ඉදිරියට යෑමට අවශ්‍ය ඉඩකඩ කාන්තාවන්ට නිර්මාණය කර දීමය. කෙසේ වෙතත් කාන්තාවෝද නිර්භයව පැමිණෙන මේ සියල්ලට එරෙහිව එකාමෙන් නැගී සිටිනවා නම් මේ තත්වයෙන් මිදෙන්නට හැකි වනු ඇත.
අශ් වරු
0 comments :
Post a Comment