අධ්‍යාපනයටයි සෞඛ්‍යටයි දෙන්න ආණ්ඩුවට සල්ලි නැතිලු !

අධ්‍යාපනයටයි සෞඛ්‍යටයි දෙන්න ආණ්ඩුවට සල්ලි නැතිලු !
ණය ගෙවන අතරතුර සහ ආර්ථිකය ස්ථාවර කරන අතරතුර අධ්‍යාපනය හා සෞඛ්‍ය නැංවීම සඳහා වැඩි වැඩියෙන් මුදල් ලබා දීමට අපේක්ෂා කරන බවයි අගමැතිවරයා කියා සිටින්නේ. තාක්ෂණ විප්ලවයට හවුල් වීමට නම් සෑම සිසු සිසුවියකටම විද්‍යා දැනුම ලබා දිය යුතු අතර වත්මන් ලෝකය රඳා පවතින්නේ තාක්ෂණ විප්ලවය මත බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. කර්මාන්ත විප්ලවයෙන් ඇතිවූ සමාජය වෙනුවට තාක්ෂණ යුගයකට පරිවර්තනය වෙමින් පවතින බවයි හෙතෙම පෙන්වා දුන්නේ. 
 
"දියුණු රටවල පාසල්වල සෑම ශිෂ්‍යයෙක්ම විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලබාගන්නවා. විද්‍යා විෂය එම රටවල සෑම පාසලකම උගන්වනවා.නමුත් ලංකාවේ පවතින්නේ ඊට වෙනස් තත්ත්වයක්. ලංකාවේ සෑම පාසලකම උසස් පෙළ විද්‍යා විෂය උගන්වන්නේ නැහැ. බොහෝ විට ද්විතීය පාසල් වල විද්‍යා විෂය නැහැ. විද්‍යා විෂය සීමා සහිත වී තිබෙනවා. ද්විතීය පාසල්වලත් විද්‍යා විෂය ඉගැන්වීම අපේ ඊළඟ පියවරයි.ඒ සඳහා විද්‍යා උපකරණ 3000ක් ලබා දෙනවා.මීට පෙර විද්‍යා විෂය නොතිබූ පාසල් සඳහා මෙම උපකරණ ලබා දීම විශේෂ කටයුත්තක්. දැන් එම දරුවන්ට විද්‍යා විෂය ගැන මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එය දියුණුවට කාරණයක්. 
 
විද්‍යා උපකරණ ලබා දීම මෙන්ම ගුරුවරු පුහුණු කිරීමද ආරම්භ කර තිබෙනවා. 2018 වසරේදී උසස් පෙළ පන්තිවල සිටින සිසුන්ට ටැබ් යන්ත්‍රයක් ලබා දීමට අපි කටයුතු  කරනවා. ඒ තුළින් අධ්‍යාපනයේ විපර්යාසයක් සිදුවේවි. මෙම ක්‍රියාවලිය නිසා පාසල් අධ්‍යාපන ක්‍රමය සිඝ්‍රයෙන් තාක්ෂණ අංශයට නැඹුරු වීමට නියමිතයි. අප කරන්නේ එම කටයුත්තයි. අපිට ගුරුවරුන් අවශ්‍යයි. ටැබ් පරිගණක අවශ්‍යයි. විද්‍යා උපකරණද අවශ්‍යයි. 
 
දකුණු ආසියා රටවල වෙනත් පාසල් වල මෙතරම් විද්‍යාව පදනම් කරගත් උනන්දුවක් තිබෙනවා යැයි මා  සිතන්නේ නැහැ. ශ්‍රී ලංකාව වගේ කුඩා රටක  පරමාර්ථය වියයුත්තේ ඊළඟ වසර කිහිපය තුළ සිසුන්ට  විද්‍යා හා තාක්ෂණ දැනුම ලබා දීමයි. ඊට අමතරව ඉංග්‍රීසි දැනුම ලබා දීමත් වැදගත්.ඒ සඳහා ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කළ යුතුයි. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ටැබ් යන්ත්‍ර ලබා දෙන නිසා ඉංග්‍රීසි දැනුම අපට තව දුරටත් වර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා."
 
රජය ගත්  මෙම පියවර නිසා වත්මන් ශිෂ්‍ය පරපුරටත් අනාගත පරපුරටත් තාක්ෂණයෙන් සන්නද්ධ වී ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ.
 
ආශිකා බ්‍රාහ්මණ  
 
ranil 20
ranil 21
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment