පොළවේදී ම නොපෙනී ගිය ලංකාවේ සුප්‍රීම් සැට් සහ ගුවනේදී නොපෙනී ගිය ඇංගොලාවේ ඇංගො සැට්

පොළවේදී ම නොපෙනී ගිය ලංකාවේ සුප්‍රීම් සැට් සහ ගුවනේදී නොපෙනී ගිය ඇංගොලාවේ ඇංගො සැට්

 

මෙමඟින් අප්‍රිකාව සහ යුරෝපය තුළ අධිවේගී අන්තර්ජාල සබඳතාව ව්‍යාප්ත කිරීමට සහ රූපවාහිනී ගුවන් විදුලි සන්නිවේදන කටයුතු පුලුල් කිරීමටයෝජිත අතර ඉදිරි වසර 15ක කාලය මුලුල්ලේ චන්ද්‍රිකාව ඒ සඳහා සිය අඛණ්ඩ දායකත්වය දක්වනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම ක්‍රියාදාමය ආරම්භ වන්නේ වසර 2009දී ය. ඒ රුසියාව සහ ඇංගොලාව අතර ඇති මිතු දමෙහි ප්‍ර‍තිඵලයක් වශයෙනි. ඒ අනුව පසුගිය කාලය පුරාවට ම රුසියානු අභ්‍යාවකාශ ඒජන්සිය (Russian Space Agency) විසින් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අතර සියලු දෙනාගේම අපේක්ෂාව වූයේ වසර 2016 ඉක්මවීමට පෙර එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම නිම කිරීමයි. නමුත් යම් යම් ප්‍ර‍මාද දෝෂ නිසා නියමිත දිනට එහි කටයුතු නිමා කිරීමට නොහැකි විය.

මෙම චන්ද්‍රිකාව උඩු ගුවනට එක් කිරීමත් සමඟ තමාගේම චන්ද්‍රිකාවක හිමිකාරීත්වය දරන හත්වන අප්‍රිකානු රට බවට පත් වීමට ඇංගොලාවට හැකිව තිබේ. ඒ ඇල්ජීරියාව, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව,මොරොක්කෝව, නයිජීරියාව සහ ටියුනීසියාව යන රටවලට අමතරව ය. ඇංගොලාව මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 320ක් පමණ වැය කර ඇති අතර වසර දෙකක දී සේවා සැපයීම තුළින් ලැබෙන ආදායමෙන් මෙම මුදල මුලුමණින් ම පියවා ගත හැකි වනු ඇතැයි විශ්වාසය
පල කරයි.මේ වන විට සමස්තයක් ලෙස ඇංගොලානු සන්නිවේදන සමාගම් විසින් ඇමරිකානු ඩොලර් මිලියන15ත් 20ත් අතර ප්‍ර‍මාණයක් තමාට අවශ්‍ය චන්ද්‍රිකා සේවාවන් ලබා ගැනීම සඳහා කලාපයේ වෙනත් රටවලට ගෙවන අතර මෙම ව්‍යාපෘතිය
සාර්ථක වීමෙන් පසු අදාල මුළු මුදල ම රට තුළ ඉතිරි වේ. ඇංගොලානු රාජ්‍ය ඇමති කාවල්හෝ ඩිරෝචා (Carvalho da Rocha) පවසන්නේ ඊට අමතරව චන්ද්‍රිකාවේ ඉතිරිවන පරිමාණයන් කලාපීය වෙනත් රටවලට කුලී පදනම මත ලබා දීමෙන් රටට
ආදායමක් ලබා දීමට ද අදහස් කරන බවයි.

විරෝධතාවයක් ඇත්තේම නැද්ද?
විවිධාකාරයේ මහජන විරෝධතාවලට මුහුණ දීමට සිදු වීම අද ලෝකයේ සෑම ව්‍යාපෘතියකට ම පොදුවේ අත්විඳින්නට වන තත්ත්වයකි. ඇංගොසැට් ව්‍යාපෘතියට ද විවිධාකාරයේ ජනතා විරෝධතා එල්ල වන්නට පටන් ගෙන ඇති අතර මින් ඇතමුන් විමසා සිටින්නේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන් වන අධ්‍යාපනය,සෞඛ්‍යය ආදියට වියදම් කිරීමට ඇති මහජන මුදල් මෙසේ චන්ද්‍රිකා ව්‍යාපෘතියක් වෙනුවෙන් විය පැහැදම් කිරීම කෙතරම් ප්‍රයෝ‍ජනවත් වේ ද යන්නයි. “ අපටත් පුළුවන් යන්න
පෙන්වා දීමේ අදහසින් අපගේ ජනාධිපතිවරයා විසින් මෙය සිදු කර තිබෙනවා. ඇත්තෙන් ම චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම ඉතාමත් ම හොඳ දෙයක්, එහෙත් මම විමසා සිටින්නේ ගෙදර දරුවන් කුස ගින්නේ සිටිද්දී බී එම් ඩබ්ලියු මොටර්
රථයක් මිළ දී ගැනීම කෙතරම් තාර්කික වූත් නුවණක්කාර වූත් ක්‍රියාවක් ද යන්නයි.” යනුවෙන් තවත් ක්‍රියාකාරිකයෙකු වන රවුල් ඩන්ඩා (RaúlDanda) විමසා සිටී.

මෙම ව්‍යාපෘතියට තම විරෝධය පල කරන පෙඩ්‍ර‍වුස්කි ටෙකා
(PedrowskiTeca) පවසන්නේ වෙනස් ම කතාවකි. මම අහන්නේ:
1. චන්ද්‍රිකාව අපගේ නම් එහි රුසියානු කොඩියක් ලෙල දෙමින් තිබෙන්නේ ඇයි?
2. එම රුසියානු කොඩිය පළමුවත් ඇංගෝලානු කොඩිය දෙවනුවත් සවි කර ඇත්තේ ඇයි?
3. චන්ද්‍රිකාවේ බඳෙහි විදේශීය අකුරු කොටා ඇත්තේ ඇයි? යනුවෙන් පමණක් යැයි
ඔහු පවසා සිටී.

මේ අතර තවත් ට්විටර් ක්‍රියාකාරිකයෙකු ප්‍ර‍ශ්න කර සිටින්නේ මුලුමනින් ම තාක්ෂණික වැඩ කටයුත්තක් වන මෙම ව්‍යාපෘතිය සඳහා ආගමික පූජකවරුන් රුසියාවේ මොස්කව් අග නගරය වෙත රැගෙන ගියේ මන්ද යනුවෙනි. ඔවුන්ව එහි රැගෙන ගියේ සම්පූර්ණ රජයේ වියදමින් ද? නැත්නම් ඒ සඳහා තම තමන්ගේ වියදම ඔවුන් විසින් දරා ගත්තා ද? යන්නට රජය විනිවිද භාවයෙන් යුත් පිළිතුරක් ලබා දිය යුතු බව වැඩි දුරටත් එම ක්‍රියාදරයාගේ මතය වී තිබේ. කෙසේ වෙතත් මෙම චන්ද්‍රිකාවේ සංඥා ක්‍රියා විරහිත වීම අන්තර් ජාතික වශයෙන් මෙතරම් උලුප්පා දැක්වීමට තරම් දෙයක් නොවන බවත්, මෙම පුවතට අප්‍රිකාවේ ඉදිරි ගමන දැකීමට අකමැති බටහිර රටවල් විසින් අනවශ්‍ය ප්‍ර‍සිද්ධියක් ලබා දුන් බවත් තවත් පිරිසකගේ
මතය වී ඇත.

දිසුර ජයවර්දන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment