ඊශ්‍රායල් - පලස්තීන සාම සාකච්ඡා කඩිනම් කිරීමට මෝදිගේ සහාය

ඊශ්‍රායල් - පලස්තීන සාම සාකච්ඡා කඩිනම් කිරීමට මෝදිගේ සහාය
 
ඊශ්‍රායලය හා පලස්තීනය අතර චිරස්තීය සාමයක් උදෙසා දෙරට  මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන්  එකගතාවයක් ඇති කර ගැනීම මෙම සාම ක්‍රියාදාමයේ ප්‍රධාන අරමුණක් වේ. මෙහිදී අනෝන්‍ය අවබෝධය, සාධාරණ හා සාමය ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක සැලසුම් ආදිය පිළිබඳව අවදානය යොමු කෙරේ.
 
 ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙනනියාහු මහතා  දින 6 ක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. එහිදී මෝදි - නෙතනියාහු අතරසාකච්ඡා පැවැත්වීය.
 
ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළි ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රකාශයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවති ඡන්ද විමසීමේදී ඉන්දියාව ඇමරිකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කලේය. එසේ ඡන්ද ප්‍රකාශ කිරීම ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාවයට හානියක් නොවන බව ජනාධිපති නෙතනියාහුගේ මේ සංචාරයේදී පැහැදිලි විය.
 
ඉන්දියානු අගමැති  ජුලි මාසයේදී ඊශ්‍රායලයේ සංචාරය කලේය. එය ඉන්දියානු අගමැතිවරයෙකු යුදෙව් රාජ්‍යයක සංචාරයේ නිරත වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයේ ලියැවේ.
 
ඉන්දියානු බලධාරීන් ඊශ්‍රායලයේ සංචාරය කිරීම, ඉන්දියානු බලධාරීන් පලස්තීනයේ සංචාරයක යෙදීමට හේතුවකි. ඒ අනුව ඉන්දියානු අගමැති ලබන මසදී පලස්තීනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.  1988 දී පලස්තීනය ලෙස පිළිගත් ප්‍රථම ආරාබි නොවන රට ඉන්දියාව වේ.
 
කෙසේ වෙතත් ඉන්දියාවට ඊශ්‍රායලය සමග සබඳකම් තර කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතී.  ඒ අතරම පලස්තීනයට ඉන්දීය සහාය දිගටම පවතින බවට මෝදි සපථ කර තිබුණි.

කුමී විජේවර්ධන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment