බිරියගේ ආසාව ඉටු කරන්න කිම් ජොන් උන් දකුණු කොරියාවට යැවූ චියර් ලීඩර් කාන්තා හමුදාව




ලබන මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන සිසිර ඔලිම්පික් තරගාවලියට උතුරු කොරියාවේ සහභාගීත්වය පසුගියදා ප්‍රකාශයට පත්වූ අතර ඊට වැඩි සහයෝගයක් පිරිනමමින් උතුරු
කොරියානු නායක කිම් ජොන් උන් ‘චියර් ලීඩර් හමුදාවක්‘ දකුණට යවන බවටද ප්‍රතිඥා දුන්නේය. වාර්තාවන ආකාරයට වයස 20 හා ආසන්න ගණන්වල 300 කගේ පමණ සුන්දර කාන්තාවන් පිරිසක් මෙම පොරොන්දුව ඉටු කරමින් දකුණු කොරියාවට යවනු ඇත.
මේ කාලයේ දරුණු ගණයේ පාලකයෙකු ලෙස ලොවම කථාකරන කිම් ජොන් උන් මෙවැනි තීරණයක් ගෙන දකුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඇතැමුන්ගේ විමතියටද හේතුවී තිබිණි. කෙසේ නමුත් චියර් ලීඩර් හමුදාවක් දකුණට යැවීම පසුපස සිටින්නේ කිම් ජොන් උන්ගේ බිරිය බව දැන් වාර්තා පළවේ.

කිම්ගේ බිරිය රි සොල් ජු යනු 2005 ආසියානු තරගාවලියට චියර් ලීඩර් කාන්තාවක ලෙස පෙනී සිටි තැනැත්තියකි. ඇය කෙරෙහි ඒ කාලයේ කිම්ගේ සිත ඇදී යාමට හේතුවූයේද ඇය අලංකාර ලෙස එම නර්තනයන්හි නිරතවීම බව කියැවුණි. කිම් ජොන් උන් මෙවර දකුණු කොරියාවට පිරිසක් යවනුයේ ඇගේ ඉල්ලීමක් මුල් කරගෙන බවද වාර්තා පළවේ.
කෙසේ වෙතත් උතුරු දකුණු කොරියානු සහයෝගීතාවය අලුත් පෙරළියක ආරම්භයක් බවටද දේශපාලන විචාර පළව තිබේ.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment