එමෙන්ම නව වසරේ ජනතාවට සමීප වඩාත් පුළුල් නව පලාත් පාලන ක්‍රමයක අත්දැකීම්ද ශ්‍රී ලංකා වාසීන් ලබනු ඇත. මේ සියල්ලට සමගාමීව අභිමානවත් රටක් බිහිකිරීම සදහා ආර්ථික සමෘදිය අත්පත්කර ගැනීමෙහි ලා සියලු දෙනා එක්සත්ව කැපවීමට නව වසරේ අධිටන් කරගත යුුතුය. අනාගත පරපුරට සාඩම්බර පිරිපුන් දේශයක් උරුම කරලීමේ පදනම ඉන් සැකසෙනු ඇත. එ් සදහා ජාති ,ආගම්,කුල පංති පක්ෂ භේද පසෙක ලා හෘදසාක්ෂියට එකගව මාතෘභූම්යේ සුබ සිහින සැබෑ කිරීම වෙනුවෙන් මෙම නව වසරේ අත්වැල් බැද ගන්නා ලෙස සකල ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිමි.උදාවන නව වසර සියලු යහපත් සිතුම්,පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා යැයි පතමි.
කරු ජයසූරිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක.
0 comments :
Post a Comment