ඇමැති හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වෙයි.


විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වූ කපිතාන් මිහිමල් මුණසිංහ මහතා පෙරේදා (30දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30දා) සවස බදුල්ලේදී පැවැති රැස්වීමකදී එම පක්ෂයට එක්වූ මිහිමල් මුණසිංහ මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එ.ජ.නි. සන්ධානයෙන් පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙස උෟව පළාත් සභාවට පත්ව අනතුරුව එක්සත් ජාතික පක්ෂයටද යළිත් වරක් එ.ජ.නි. සන්ධානයටද එක්ව කටයුතු කර පළාත් සභා මන්ත්‍රි ධුරය අහිමි වීමෙන් පසුව යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වූ අයෙකි. එවකට උෟව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වු හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද මොහු කටයුතු කළේය. එසේ පෙරේදා වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

වත්මන් රජයෙන් රටට හෝ ජනතාවට සෙතක් නොවන බවත් ගමේ ජනතාව තේරුම් ගෙන ගමට සේවයක් සැලසිය හැකි නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයේද නොමැති බවත් තේරුම් යෑම නිසා තමන් වත්මන් රජය හා එක්සත් ජාතික පක්ෂයද අත්හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කළ බව මුණසිංහ මහතා පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment