බුද්ධාගම සහ බුද්ධ දර්ශනය අතර වෙනස කුමක්ද?

බුද්ධාගම සහ බුද්ධ දර්ශනය අතර වෙනස කුමක්ද?


පිරිසිදු බුද්ධ දර්ශනය යටපත් විය. රහතන් වහන්සේලාද වඳ වූහ. ඉන් පසු බුද්ධ දර්ශනයට පටහැනි පුද පූජා ඇදහිලි දාන ශීල භාවනා වැනි මනස මුල් කර ගත් විඤ්ඤාණයෙන් ඉහලටම ගිය සන්කල්පයන් ඇතුල්වුනි. එය බුද්ධාගම විය.

විඤ්ඤාණය නම් අවදිය යනු මනස මුල් කරගෙන කරන ක්‍රීයාවලියකි. තථාගතයන් වහන්සේ වදාල ආකාරයට (යේ සුප්ප යුත්තා මනසා දල්හේන.. නෙක්කාමිනෝ ගෝතම සාසනම්හි) මේ 'මනාව බැදුන මනසින් නික්මෙන්න' වශයෙන් පෙන්නා දී ඇත. මනස යනු මායා කාරයෙකි. මනසින් මවන සියල්ල මයාවන් නිසා එයින් නික්මිය යුතු බව ගෞතම පනිවිඩයයි.

තවද ධම්ම චක්ක පවත්තන සූත්‍රයෙහි "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" වශයෙන් දොලොස් වතාවක් පස්වග තවුසන්ට දේශනා කිරීමෙන් උන්වන්සේ පැහැදිලි කළේ පෙර නොඇසු ධර්මයක් ගැනය. පෙර තිබූ දාන ශීල භාවනා ගැන නොවේ. ඒවා ක්‍රීයාත්මක උනේ මනස මුල් කරගෙනය. බුදු පණිවිඩය මනස මුල් කර ගත් එකක් නොව මනසින් නික්මී ප්‍රඥා ඇසින් දකිනා සත්‍යය හා පරම සත්‍යයයි. ඉහත සදහන් කළ බුද්ධ දර්ශනයට
නැඹුරු කරුණු ගැන කියවා ද්වේශ නොකර බුද්ධාගම නැමැති මිශ්‍ර වු අසත්‍ය එක්වූ ආගම සත්‍ය නොවන බව දැන ගත යුතුයි.
පෘතග්ජන මනුෂ්‍යයිනි! සත්‍ය ගවේෂණය කරන්න. එවිට ඔබටත් මේ විශ්වයෙහි පවතින සත්‍ය හමුවනවා ඒකාන්තමය. මේ සම්මුති ලෝකයෙහි පවතින මායාවන්ට හසු නොවී ඉන් මීදී ලෝකෝත්තර දිශාවට ගමන් කරන්න.

තථාගතයන් දේශනා කල පරම සත්‍යය අභිභවා ලියවුන අටුවා, ටීකා, ටිප්පනි බුද්ධ දේශනය හා සමාන කල නොහැක. උන්වහන්සේ පෙන්වා දුන් පරම සත්‍යය එය නොවේ. ඒවා සම්මුති ලෝකයෙහි පවතින සම්මත දේවල්ම පමණී. බුදු පණිවිඩය සම්මුතියෙන් එහා ඇති සත්‍යය හා පරම සත්‍යය සොයා යන පටිසෝතගාමී ප්‍රතිපදාවකි. එනම් මනසෙන් මවාගත් පංච ඉංඳ්‍රියෙන් දැනගත් සම්මුතියට විරුද්ධව යන ගමනකි. මෙය සොයා ගත යුත්තේ ප්‍රඥා ඇසින් තමා තුලින්මය (පච්චත්තං වේදීතබ්බෝ).

බුදු දහම මේ දැන් දැකිය හැක (සන්දිට්ඨිකෝ). ප්‍රඥා ඇසින් ඇත්ත ඇති සැටියෙන්ම දැක ගත හැක. එසේ නම් අපි සත්‍ය දැක ගැනීමට හැකියාව සෑම දෙනා ලඟම තිබියදී තවත් කල් දමන්නේ කුමටද?. "අප්පමාදෝ අමත පදං" යනාදියෙන් ප්‍රමාද නොවී කල් නොදමා කළ යුතු බව තථාගතයන් වහන්සේ අවසන් වශයෙන්ද දේශනා කල සේක.

බුද්ධ දර්ශනය අතක්කාවචරය. චින්තනයේ තර්කයට අසු නොවේ. චින්තනයෙන් මිදුන කල තථාගතයන් දේශනා කල සත්‍යය ප්‍රඥා ඇසින් දැක ගත හැක. චින්තනයෙන් මිදී, චින්තනයෙන් මවාගත් සම්මුතියෙන් බැහැරව යතාර්ථය හා පරමාර්තය සොයා යමු. ඉන් පසු උතුම් බුද්ධිමත් සත්පුරිසයෙකු සේ මේ ජීවිතය, සාර්ථකව ආරක්‍ෂා සහිතව සුවපත් ප්‍රීතිමත් ජිවිතයක් ලෙස නිවන් සුවයෙන් ගත කල හැක (ඛෙමෝ මග්ගෝ සුවත්තිතෝ ප්‍රීති ගමනීයෝ - ද්වෙධා විතක්ක සූත්‍රය).

සුනේත්‍රා ගමගේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment