රවීට නාමයෝජනා දෙන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න - ජී. එල්.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතිඥාවක් දිය යුතු බවට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද (22) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා රවී කරුණානායක මහතාට විරුද්ධ නොවන්නේ තම රහස් හෙළි කරනු ඇතැයි යන බියෙන් බව පැවසු පීරිස් මහතා බැඳුම්කර කොමිසම් වාර්තාව මඟින් රවී කරුණානායක මහතාට ඉතා බරපතළ චෝදනා එල්ල වී ඇති බවත් එවැනි පුද්ගලයෙකු තම පක්ෂයේ තබා ගැනීමට එරෙහිව අගමැතිවරයා විසින් ජනතාවට පූර්වාදර්ශයක් සැපයුතු බවත් පැවසීය.

රවි කරුණානායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය හොබවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉදිරියට ගොස් ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා සුදානම් දැයි ද ජි.එල්.පීරිස් මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment