අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දැමීම ගැන පළවන වාර්තා බොරු.


අත්‍යාවශ්‍ය  ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පසුගිය 18 වනදා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති විශේෂ  වෙළඳ භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් කිසිඳු අත්‍යාවශය ආහාර ද්‍රව්‍යක බදු ඉහළ දමා නොමැති බවයි.

අදාල ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත්තේ උම්බලකඩ, වියලි මිරිස්, ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරිමේ කාලසීමාව තවදුරටත් දිර්ඝ කිරිම පමණක් බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව භාණ්ඩ බදු  ඉහළ යාමක් සිදු කර නොමැති අතර ඉදිරි මාස 06ක කාලයක් සඳහා පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට එම භාණ්ඩ මිලදී ගත හැකි බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment