දෙණියාය ජනතාවගෙන් ඇමති සාගලට චෝදනා


පසුගිය සතියේ වැඩි කාලයක් සාගල ගත කළේ දෙණියාය ප්‍රදේශයේය. දෙණියායේ මැතිවරණ කටයුතු පිළිබඳ සොයාබලමින් කුඩා කණ්ඩායම් රැස්වීම් රැසකට සහභාගී වූ ඇමති සාගල දෙණියායේ ජනතාව සමඟ අසහස් හුවමාරු කර ගැනීමටද කටයුතු කළේය.

ඒ අතරතුර දී ජනතාවගෙන් සාගලට දැවැන්ත චෝදනාවක් එල්ල විය. දෙණියායේ ජනතාව සාගලට කීවේ “සර් මහන්සිවෙලා සල්ලි වෙන්කර ගන්න වැඩ කලාට පසසේ ඡන්දෙන් පැරදිලා ගෙවල්වල ඉන්න මිනිස්සු උඡාරුවෙන් ඇවිත් කියනවා අපි තමයි මේක කලේ කියලා. ඇයි සර් පාලමක් හරි පාරක් හරි හැදුවට පස්සේ සර්ගෙ ෆොටෝ එකකුයි අගමැතිතුමාගේ ෆොටෝ එකකුයි දාලා හොඳ ලොකු බෝඩ් එකක් දාන්නේ නැත්තෙ. බෝඩ් දාන්න බැරිනම් සර් රැස්වීමක්වත් තියලා ඒක විවෘත කරන්න .එතකොට කාටවත් බෑනේ පැත්තක ඉඳන් ලකුණු දාගන්න. සර්  සල්ලි වෙන්කරලා දුන්නට මුල්ගල තියන්න එන්නෙත් නෑ, විවෘත කරන්න එන්නෙත් නෑ. ඊට පස්සේ කොහොවත් ඉන්න මිනිස්සු ඇවිත් බොරු ප්‍රචාර ගෙනියනවා.”

ජනාතාව මේ චෝදනාව කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජිත අපේක්ෂකයෙකුගේ නමක් සඳහන් කර ඔහුගේ කටයුතු ගැන බැනවදිමිනි.

සාගල ගත් කටටම කියා සිටියේ “  කවුරු මොනවා කිව්වත් කමක් නෑ. වැඩේ කරන්න සල්ලි දෙන්නේ කවුද කියලා ඔයාල දන්නවානේ. මට ඒ ඇති. ඔය කට්ටියට පුළුවන්නේ ඉතින් කියන්න කවුද මේ වැඩ කරන්නේ කියලා. අපි කොච්චර වැඩ කළත් වැඩිය සද්ද දාන්නේ නැති නිසා තමයි ඉතින් ඔය අනිත් අය කෑ ගහන්නේ. මුල්ගල් තියන්නයි, විවෘත කරන්නයි කොච්චර සල්ලි වියදම් වෙනවාද ? මේවා ඒ විදිහට ලොකුවට සල්ලි වියදම් කරලා මුල්ගල් තියන්නයි, විවෘත කරන්යි ගියොත් ඒකෙන් පාඩුව වෙන්නෙත් ඔයාලටම තමයි. මොකද සංවර්ධනයට අපි වෙන්කරන සල්ලිම තමයි ඒ වැඩවලටත් දාන්න වෙන්නේ. ඒක මහා අපරාධයක්. ඒ නිසා අපි මේ විදිහට දිගටම වැඩ කරමු. කවුරු මොනවා කිව්වත් දෙණියායේ  මිනිස්සු දන්නවාගේ කවුද මේ වැඩ ටික රන්නේ කියලා. ඔයාලට මතකයිනේ ඉතින් පහුගිය කාලේ සිමෙන්ති කොට්ට 13000 ක් වැය කරලා රජ පවුලේ මාලිගාවකට යන්න පාරක් හැදුවා. දැන් අපි එහෙම කරන්නේ නෑනේ. එ ්වගේම තමයි මතකයිනේ වරායට වතුර පුරවන්න කියලා ලක්ෂ කෝටි ගණන් වියදම් කලා.අපි එහෙම කරන්නේ නෑ. සංවර්ධනේට වෙන්කෙරෙන සල්ලි බොරු වැඩවලට වියදම් කරන් අපිට ඕන නැහැ. ” යැයි සාගල කියද්දි සාගලට චෝදනා කළ ජනතාව කියා සිටියේ සර් කියන කතාව ඇත්ත තමයි. අපි දැන් වැඩේ පටන් ගන්නම් , අපි කියන්නම් මේ වැඩවලට සල්ලි දෙන්නේ කවුද කියලා. බෝඩ් එපා සර් අපි වැඩ කරමු කියාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment