සිතුවිලි අරනක
දැහැනකට සමවැදී
කියවද්දි ඔබ – මගේ හදවත
මගේ දෙනයන තුලින් ඉහිරුනු
කඳුලු පිනි කැටි සෙමින් පිසදා
තුරුළු කරගෙන ඔබේ වදනින්
අහිංසක මගේ හද වෙත
සිසිලසක් ගෙනා බව
නොදනී මුත් ඔබ සබඳ
ලෙන්ගතු වදන් වැකි
හිත යටින් පිරවෙද්දී
රිදුනු හද හිනැහුනා
මගහැරී තිබුනු දුක්.
හිත නිවන සොඳුරු හිත
හිමිව ඇති සබඳ ඔබ
තුති ඔබට සහා ඔබේ
සන්වේදී හද මඬලට
තැවරුවාට හිතේ පාට .
වසන්තය ඉක්මවෙමින් තිබූ…..
සිනහව වියපත් වෙමින් තිබූ…….
ජීවිතය මගහැරුනු
විඩාබර මගේ හිතට
සිසිලසක් ගෙනාවාට
0 comments :
Post a Comment